විශේෂ වැටලීම් මඟින් නීතිවිරෝධී පන්න ක්‍රම වැළැක්වීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජලාශවල මත්ස්‍ය සම්පත සංවිධානාත්මකව සිදුකරන කොල්ල කෑම වැලැක්වීම සදහා විශේෂ වැටලීම් ඒකක මගින් වැටලීම් සිදුකර නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි වර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ඒ සදහා අඛණ්ඩව වැටලීම් සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඇමතිවරයාසදහන් කලේ මුහුදේ මත්ස්‍ය සම්පත ක්‍රමයෙන් හින වෙමින් පවතින නිසාත් මුහුදු මත්ස්‍ය සම්පත අපනයනය කර රටට වැඩි විදේශ ආදායමක් උපදවාලිම සදහාත් කටයුතු කරන අතරතුර රටේ ජනතාවට අවශ්‍ය මත්ස්‍ය සම්පත රට මැද ජලාශවලින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවය .

ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිත ග්‍රාමීය ධීවර සංවිධානය පිහිටුවීම සහ බදගිරිය ජලාශයේ සිදුවන නීති විරෝධි ධීවර කටයුතු පාලනය සහ ග්‍රාමීය ධීවර සංවිධානය පිහිටුවීම පිළිබද විශේෂ සාකච්ජාවක් බදගිරිය ධීවර ගම්මානයේ ප්‍රජා ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

මෙහිදී ධීවර ජනතාව මුහුණදී සිටින ගැටළු පිළිබද සාකච්ජා කර එම ගැටළු සදහා විසදුම් ලබාදීමත් , ධීවර කටයුතු විදිමත්ව සිදුකිරීම සදහාත් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබද සාකච්ජා කර ඒ පිළිබද ධීවර ජනතාවගේ අදහස් ලබාගැනීමද මෙහිදී සිදුකෙරිණ .

අනතුරුව පැමිණ සිටි ධීවර ජනතාව අමතමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසිය .

“නීති විරෝධී ධීවර කටයුතු නැවත්වීම සදහා අපි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා . ඒ සදහා අපි අඛණ්ඩ වැටලීම් කරගෙන යනවා . මේ වැටලීම් වලදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පිරිස් වගේම ඔවුන් සතු නීති විරෝධී ධීවර ආම්පන්නත් අපේ භාරයට ගන්නවා වගේම එම පිරිස් වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා . මේ බදගිරිය ජලාශයේ මත්ස්‍ය සම්පතත් කොල්ල කන බවට ධීවර ජනතාව චෝදනා කළා . මම මෙහි ආවෙත් ඒ කොල්ල කෑම් නැවත්වීම සදහා ගතයුතු පියවර පිළිබද සාකච්ජා කර වැඩපිළිවෙලක් තීරණය කර ක්‍රියාත්මක කරන්න. රටේ ජනතාවගේ මත්ස්‍ය අවශ්‍යතාව රට අභ්‍යන්තර ජලාශවලින් සපුරාලීම සදහා අපි වැඩපිළිවෙලක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තියෙනවා. මුහුදේ මත්ස්‍ය සම්පත දිනෙන් දින අඩුවෙමින් තියෙනවා.

මේ නිසා ජනතාවට අවශ්‍ය මත්ස්‍ය සම්පත ලබාදීම අපේ වගකීමක්. ඒ වගකීම ඉටුකිරීම සදහා අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින මොහොතක්. රට අභ්‍යන්තරයේ පවතින මහා පරිමාණ ජලාශ , කාලින ජලාශ වගේම කුඩා වැවී අමුණු ආශ්‍රිතව මෙම මිරිදිය ධීවරකර් මාන්තය ඉහල නැංවීම සදහා ජාතික ජලජිවි වගා සංවර් ධන අධිකාරිය මගින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා ‘යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *