‘ඩෝරියන්‘ නිසා 05ක් මරුට – නිවාස 13,000ක් විනාශයි

(කොළඹ, ලංකාපුවත්) –‘ඩෝරියන්‘ සුළි කුණාටුව හේතුවෙන් බහමාස්හි පුද්ගලයින් 05දෙනෙු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් නිවාස 13,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇති බවය.

සුළි කුණාටුව පැයට කිලෝමීටර 285ක වේගයෙන් හමාගොස් ඇති බව එරට කාලගුණ අංශ නිවේදනය කර ඇත. අතිහ වියරු මට්ටමේ පවතින පස්වන ගනයේ සුළි කුණාටුවක් ලෙස ‘ඩෝරියන්‘ බහමාස් රාජ්‍යයට ඇතුළු වී තිබේ. කුණාටුව හේතුවෙන් බහමාස් හි ප්‍රදේශ රැසකට ගංවතුර හා නායයෑම් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *