පොලීසියේ 42 කට ස්ථාන මාරුවීම්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් හතලිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පදිරි සේවයේ අවශ්‍යතාවය සලකා අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *