බන්ධනාගාර රැදවියන්ගේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ආධාර

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල පහ වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන්ට සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක්ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

මේ යටතේ එම දූදරුවන්පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ මුදල් ආධාර සහ පාසල් උපකරණ ලබාදීම සිදු කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතා කියයි.

පහ වසර ශිෂ්‍යත්වය උසස් ලෙස සමත් මෙන්ම එම විභාගය සමත්වීමේ නියමිත අවම ලකුණු මට්ටම සපුරා ඇති ,රැඳවියන්ගේ දරුවන්ට ද ‍මෙම ආධාර හිමිවේ.

මේ සඳහා සුදුසුකම් ලාභී දරුවන් පිළිබඳව නාමලේඛන සැකසීම කඩිනමින් සිදු කරන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

රැඳවියන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යමින් ඔවුන් උගතුන් මෙන්ම රටට වැඩදායී පුරවැසියන් බවට පත්කිරීම අරමුණ කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කරන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *