ICC යෙන් ශ්‍රී ලංකාවට වැදුණු නවතම දඩය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබේ.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යවා නිම නොකිරීම නිසාය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලය තුලදී පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති වලට අනුව නියමිත කාලයට යවා නිම නොකරන එක් පන්දුවාරයක් වෙනුවෙන් 20%ක දඩයක් පැන වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළදී පන්දුවාර දෙකක් යවා නිම නොකිරීම නිසා ඔවුන්ට 40%ක දඩයක් අයි සී සී ය විසින් නියම කර ඇත.

ඒ සම්බන්ධ තින්දුවට නායක ලසිත් මාලිංග එකග විම නිසා වැඩිදුර විභාගයක් සිදු නොකරන බවද අයි සී සී ය නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − one =