ඇල්පිටිය තැපැල් ඡන්ද පත‍්‍රිකා භාරගැනීමට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13වැනිදායින් අවසන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අයදුම්පත් එදිනට පෙර භාර දෙන ලෙසයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණි.

ඡන්ද විමසීම ලබන ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වෙන බවට වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) පස්වරුවේ නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + five =