එජාපය මැතිවරණය වෙනුවෙන් ගන්නා පියවර තව දින කිහිපයකින්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ප්‍රශ්ණයක් නොමැති බවත් තව දින කිහිපයකින් ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ රටම දැනුවත් කරනවා බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, මහාමාර්ග සහ මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙලෙස ද සදහන් කළේය.

“බොහෝ දෙනෙක් මේ දිනවල විවිධ මත ප්‍රකාශ කරනවා. විශේෂයෙන් අපගේ ප්‍රතිවාදීන් ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ අසමගිය, ප්‍රශ්ණ තියෙන බව. නමුත් එහි කිසිම සත්‍යයක් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ඉතාමත් සමගියෙන් එකතු වෙලා තීන්දු තීරණ ගන්න පක්ෂයක්. අනෙත් පක්ෂවලට වඩා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගන්න පක්ෂයක්. ඒ නිසා කාටත් තමන්ගේ මතය, අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. මේ වන විට පක්ෂ මූලස්ථානයේ සාමන්‍ය කටයුතු වගේම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා සියළු දෙනා සමගියෙන් එකතුව කටයුතු කරගෙන යනවා. තව දින කිහිපයකින් පක්ෂයේ අගමැතිතුමා ඇතුළු ෙජ්ෂ්ඨයින් එකතු වෙලා සාකච්ඡා කරලා ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ රටම දැනුවත් කරන්න කටයුතු කරනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + nineteen =