බි‍්‍රතාන්‍ය අගමැතිගේ යෝජනාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී ඔහු ගෙනආ මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවය.

අදාළ යෝජනාව සම්මත කර ගැනීමේ පළමු අදියර ලෙස මෙය සැලකුණි.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කර තිබුනේ මෙම යෝජනාව පරාජයට පත් වුවහොත් නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් සම්මත කිරීමට අපේක්‍ෂා කරන බවයි.

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය නතර කිරීම සදහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරට විපක්‍ෂයේ කණ්ඩායම් සැලසුම් කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + six =