මාලදිවයින් සංචාරය අවසන් කරමින් අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – සාර්ථක මාලදිවයින් සංචාරය අවසන් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(04) යළි දිවයිනට පැමිණියේය.

අග‍්‍රාමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වුණේ මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ඇරයුමකට අනුවය. මෙම සංචාරය අතරතුර රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීමට ද ඊයේ (03) එක්විය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිම හේතුවෙන් ජනාධිපතිවරයා සතුව පැවති අත්තනෝමතික බලතල අඩුකිරිමට හැකිවූ බව එහිදී අග‍්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

සංචාරය අතරතුරදී දෙරටට වැදගත් වන ගිවිසුම් 4 කට එළඹිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *