ලොව ජිවත් වීමට සුදුසුම නගරය ඔස්ටි‍්‍රයාවේ වියානා

(කොළඹ, ලංකාපුවත්) – ලොව ජීවත් වීමට වඩාත්ම සුදුසුම නගර පිළිබඳ සමීක්ෂණයක් ද ඉකනොමිස්ට් සඟරාව විසින් සිදු කර ඇත. එම ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය හිමිව ඇත්තේ ඔස්ටි‍්‍රයාවේ වියානාවලට ය.

නගර 140ක් මෙහිදී අවධානයට ලක්ව තිබේ.

ජීවන තත්ත්වය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද සැළකිලිමත් වී ඇත. ඒ අනූව වියාන නගරය වඩාත් යෝග්‍ය බව ඉකනොමිස්ට් බුද්ධි ඒකකය සඳහන් කළේය. බටහිර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවලට එහි මුලික ස්ථානය හිමිව තිබේ.

ජපානය, ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්තයේ නගර ද මුල් ස්ථානවල පවතින බව සමීක්ෂණයේ දී හෙළි ව ඇත.

ලන්ඩන්වලට දර්ශකයේ හිමිව ඇත්තේ 48 වන ස්ථානයයි. අපරාධ සිදුවීමේ අවදානම සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හටගැනීමට හැකියාවක් පැවතීම ඊට හේතුවවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *