‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික සංවර්ධන වැඩසටහන දිස්ත‍්‍රික් හතරකදී

(කොළඹ, ලංකාපුවත්) –‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික සංවර්ධන වැඩසටහන ඉදිරි මාස දෙකේදී දිස්ත‍්‍රික් හතරක ක‍්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඒ බදුල්ල, අනුරාධපුරය, හම්බන්තොට, කොළඹ දිස්ත‍්‍රිකවල ය. මෙතෙක් නොවිසිදුනු ජනතා ගැටළු වලට විසදුම් ලබාදීම සහ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කිරිම අරමුණ වේ. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටන පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ විය.

එය දිස්ත‍්‍රික් හතක මේ වනවිට ක‍්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 1200කට වැඩි මුදලක් වැයකර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *