අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු නාම සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු යන තනතුරු නාම සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පාසල් කම්කරු තනතුර – සේවා සහයක ලෙසද, සනීපාරක්ෂක කම්කරු තනතුර – සනීපාරක්ෂක සේවා සහයක ලෙසද, මුරකරු තනතුර – ආරක්ෂක ලෙසද, සංශෝධනය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය සඳහන් කරන පරිදි අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධන සිදුකර ඇත.

මේ අනුව එම තනතුරු දරණ 4766 කගේ නාමයන් වෙනස් වීමට නියමතව ඇති අතර තනතුරුවලට බඳවා ගැනීමේදී අයදුම් කරන සංඛ්‍යාව, තනතුරු ඇබෑර්තු සංඛ්‍යාවට වඩා ඉතා අවම මට්ටමක පැවතීම මෙම සංශෝධනයට හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *