අකුරැස්සේ වෙඩි තැබීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – අකුරැස්ස, තිබ්බොටුවාව හංදිය අසල ප්‍රදේශයකදී අද(06) අළුයම 1.00ට පමණ සිදුකල වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

යතුරු පැදියකින් ගමන් කළ සැකකටයුතු පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

රාත්‍රි යතුරුපැදි මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු යතුරු පැදියක් නැවත්වීමට උත්සහ කර තිබේ.එහෙත් ඔවුන් එම අණ නොතකා පළා යාමට උත්සහ කිරීමේදී පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් ඇත.

පසුව යතුරු පැදියේ සිටි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිළධාරීන් දෙදෙනා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =