මිරිදිය ධීවර වගා සංග්‍රාමයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ ඉහල වෙළෙඳපොළක් සහ ඉහල මිලක් සහිත ඉස්සන් , කකුළුවන් ඇතුලු මත්ස්‍ය විශේෂ ,ගොඩබිම වගාව මගින්සිදු කර අපනයනය සදහාම නිෂ්පාදනය කිරීමත් , දේශීය පාරිභෝජනය සදහා අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය මිරිදිය ධීවර කර්මාන්තයෙන් සපුරලිමත් ඉලක්ක කර වගා සංග්‍රාමයක් දියත් කිරීමත් සිදු කරන බව ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චිමහතා කියයි.

මෙම වගා සංග්‍රාමය සාර්ථක කරගැනීම සදහා ඉස්සන් වගා කර්මාන්තයේ නිරත ධීවර ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සදහා හලාවත දී පැවති වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවැසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවේ නිරත ධීවර ප්‍රජාව සහ ඉස්සන් කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු හයසියකට [ 600] අධික පිරිසක් සහභාගී වී සිටි මෙම වැඩසටහනේදී මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා වන්නේ ,වයඹ පළාතේ පුත්තලම දීස්ත්‍රීක්කය තුළ දැනට ඉස්සන් වගාව සිදු කරන වගා ගොවිපොළක්ව පැවති මේ වන විට බදු කාලය ඉක්මවා ඇති ගොවිපළ කුඩාකොටස්වලට වෙන් කිරීම අත්හිටුවීම ,. එම ගොවීපළ නැවතත් දීර්ඝ කාලින බදු පදනමින් ලබා දීමේදී දී ඉස්සන් වගාවට ඒවන තෙක් යොදාගත් වගාව සිදුකළ වගා කරුවන්ට ප්‍රමුඛතාවයක් ලබා දීම, ඉස්සන් වගාව අතහැර දමා ඇති වීශාල ගොවිපොළ හෝ බදු කාලය අවසන්ව ඇතිගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීමේ දී අවම වශයෙන් එක් වගා කරුවකුට අක්කර 04ක අවම භූමි ප්‍රමාණයක් ලැබෙන සේ කොටස් කිරීම හා එම ඉඩම් තුළපොකුණු ඉදීකිරීමේ දී ඒ සදහා ජාතික ජලජිවී වගා සංවර්ධන අධීකාරීයේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ඇතුලත් කිරීම,. ඉස්සන් වගාව සදහා යොදාගත් වීශාල ගොවිපළ ඉස්සන් වගාව ඇතුලත්ව සිදුකරනජලජිවී වගාවට හැර වෙනත් කටයුත්තක් සදහා යොදා නොගැනීම,අභිජනනාගාරවල තත්වය උසස් කිරීම,ඉස්සන් වගා ගොවිවීපළවල තත්වය උසස් කිරීම, වගාකන්න කාල සටහනෙහි දීන සංශෝධනයන්ට කර්මාන්ත කරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම පීලීබද සලකා බැලීම, ගොවිපල ජෛව ආරක්ෂණ ක්‍රම භාවීතය වැඩි කිරීමට කටයුතු කිරීමයි.
මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේ-‘ඉස්සන් වගාවෙන් රටට ඉහලම විදේශ ආදායමක් හිමි කරදීම සදහා අවශ්‍ය කටයුතු ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරමින් සිටිනවා . ලෝකයේ විශාල ඉල්ලුමක් අපේ ඉස්සන් කර්මාන්තයට තියෙනවා . මේ නිසා “ වැනමේ සහ මොනඩොන් ” නමැති ඉස්සන් වගාව ආරම්භ කිරීමට පියවර ගෙන තියෙනවා . මේ අනුව ඉස්සන් වගේම මුහුදු කූඞැල්ලන් , වේක්කයන් , කකුළුවන් වගාව ආරම්භ කරමින් ඉන්නවා . මේ සදහා අවශ්‍ය ඉඩම්වගේම ආධාර සහ ණය පහසුකම් වගේම නවීන තාක්‍ෂණික දැනුම වගේම නිරන්තර උපදේශනය , අධික්‍ෂණය සදහා අවශ්‍ය වැඩපිළිවෙලත් සැලසුම් කර අවසන් . මේ සදහා වගා කලාප වගේම වගා කර් මාන්ත කලාප ඇති කිරීමටත් මුලික කටයුතු කර අවසන් . මන්නාරම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1400 ක එවැනි මත්ස්‍ය වගා සහ කර්මාන්ත කලාපයක් සදහා කටයුතු කරමින් ඉන්නවා . ‘

 '   මෙහිදී අවශ්‍ය නිරෝගී මත්ස්‍ය පැටවුන් අභිජනනය කිරීම සදහාත් ජලජිවි වගා සංවර් ධන   අධිකාරිය මගින් අවශ්‍ය කටයුතු සිදු කරනවා . අපේ ඉස්සන් වගාවේ වැඩිම අස්වැන්න පසුගිය 2018 වසරේ වාර් තා කළා . ඒ මෙට්‍රික් ටොන් 8100 කට අධිකයි . ඒ වගේම ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 3485 ක ආදායමක් ලබාදීමට හැකියාව ලැබුණා . ඒ වගේම මේ ඉස්සන් වගාව තවත් ව්‍යාප්ත කිරීමට යහපත් ජලජිවි වගා නව නීති හදුන්වා දෙමින් ඉස්සන් කර් මාන්තයේ අනාගතය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා 

මේ වයඹ පළාත තුල ඉස්සන් වගාව 1980 සීට 2000 දක්වා සීඝ්‍ර දීයුණුවක් අත්කරගෙන තිබුණා . එහිදී හෙක්ටයාර 4539 ක ඉස්සන් ගොවිපල 1424 ක් වාර්තා වුණත්ඉන් ගොවිපොළ 530 ක් විතරයි නිසි අවසරයක් සහිතව පවත්වාගෙන ගොස් තිබුනේ. ගොවිපොළ 904 ක් අනවසර ගොවීපළ බවට ජලජිවි වගා සංවර්ධන අධිකාරිය වාර්තා කර තිබුණා . මේ අනවසර ගොවිපල නිසා දේශීය ඉස්සන් කර්මාන්තය බරපතල ගැටලුවකට මුහුණ දුන් බව ඔබ හොදින් දන්නා කරුණක් . මේ නිසාම දේශීය ඉස්සන් කර්මාන්තයේ බිදවැටීම ආරම්භ වුනේ මේ අනවසර ඉස්සන් වගා ගොවිපොළ නිසයි කියන එක අද රහසක් නෙමෙයි.1996 වන වීට මේ අනවසර ගොවිපල ආශ්‍රිතව සුදු පුල්ලි රෝගය ව්‍යාප්ත වෙන්න ගත්තා . මේ නිසාම 2004 වන වීට ඉස්සන් වගා කර්මාන්තහේ නීෂ්පාදනය ඉතා ඉස්සන් නිෂ්පාදනය සීග්‍රයෙන් පහත වැටුණු අතර ඒ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1570 ක් දක්වා පහළ ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + nineteen =