ඇගිලි 4 ක් කැඩී වෙන් වී ගිය අයෙකුට සාර්ථක සැත්කමක්

(කොළඹ, ලංකාපුවත්) –වඩේ සකස් කිරීමේ දී පරිප්පු ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමෙන් ඇගිලි 4 ක් කැඩී වෙන් වී ගිය අයෙකුට පැය 05ක කාලයක් සිදු කළ සැත්කමක් සාර්ථක වී තිබේ.

ඔහුගේ ඇගිලි සාර්ථකව බද්ධ කිරිමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වුහ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල සසංක රත්නායක මහතා ඇතුළු වෛද්‍ය හා කාර්ය මණ්ඩලය මෙම සැත්කම සාර්ථකව සිදු කර ඇත.

තුවාලකරුගේ පටක හා සමට දැඩි හානි සිදුව ඇති නමුත් රුධිර නාලවලට සිදුවී ඇති හානිය අවම වීම හේතුවෙන් සාර්ථකව ඇගිලි බද්ධ කිරිමට හැකිවු බව විශේෂඥ වෛද්‍ය අමිල සසංක මහතා සදහන් කරයි. මොහොමඩ් ෆයිසාල් නැමැති තුවාලකරු මේ වනවිට මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *