කොළඹ ගංවතුර පාලනයට භූගත උමං මාර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වන ජලගැලීම් හේතුවෙන් සිදු වන භෞතික හා සමාජයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ආරම්භ විය.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා සමස්ත පිරිවැය රුපියල් මිලියන 3,650කි. උතුරු කොළඹ ප්‍රදේශයේ

ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ කර ආරම්භ වන මෙම උමං මාර්ගය නවමුතුවැල්ල ප්‍රදේශය හරහා භූගතව ගමන් කර මුතුවැල්ල ධීවර වරාය අසලින් මුහුදට විවෘත වේ. විශ්කම්භය මීටර් 03ක් වන මෙම උමං මාර්ගයේ ඇතුළත ඝන කොන්ක්‍රීට් ආස්තරණය කින් සමන්විත අතර උමගේ දිග මීටර් 760කි. උමග ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවන අතර පසුව භූගත උමං මාර්ගයකට එක්වේ. එමඟින් තත්පරයකට ජලය ලීටර් 15,000ක් මුහුදට මුදාහැරිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *