රොබට් මුගාබේ දිවියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ ප්‍රථම ජනාධිපති රොබට් මුගාබේ අද(06) සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 95කි. පසුගිය අප්‍රියල් මස සිට ඔහු රෝගතුරව සිංගප්පූරුවේ රෝහල් ගතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2017 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් ඔහුගේ දශක තුනක පාලන කාලය අවසන් විය.

1924 උපත ලැබූ මොහු සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයෙක්ද වේ.

නිදහසින් පසු සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබට් ගේබ්‍රියෙල් මුගාබේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයෙකි. නිදහසින් පසු සිංගප්පූරුවේ පළමු මැතිවරණයෙන් 1980 දී සිම්බාබ්වේ අගමැති වූ අතර 1980 දී ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපති බවට පත් වී ඇත. ඔහුගේ දශක 3ක පාලන කාලය අවසන් කරමින් 2017 නොවැම්බරයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්විය.

වත්මන් සිම්බාබ්වේ නායක එමර්සන් මනන්ග්වා හිටපු නායකයාගේ අභාවය ගැන සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, ඔහු වත්මන් සිම්බාබ්වේ රාජ්‍යයේ නිර්මාතෘවරයෙකු ලෙස ඔහු හඳුන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *