අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ සැකකරුවන් පස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *