ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක ඇතුළු13 කට නඩු

(කොළඹ, ලංකාපුවත්) –ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ, අධිචෝදනා 7573 ක් යටතේය.

නීතිවිරෝධි අන්දමින් ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ, විශේෂ මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා ඇත.

එලෙස නඩු පවරනු ලැබ ඇත්තේ රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කල විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක, එම නෞකාවේ කපිතාන් වන යුක්රේන් ජාතික ඩෙනඩි ග්‍රැබ්රෝ රැබ්ලිරෝ, රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න,දොන් අල්පස් තිලකරත්න, විසුරුජිත් නන්දන ලියනගේ, නිරුපුල් ද කොස්තා, පොන්නතුරේ බාලසුබ්‍රමනියම් හේමචන්ද්‍ර යන පිරිසයි.

රත්නා ලංකා සමාගම හා ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම එම නඩුවේ විත්තිකාර ලේඛනයේ නම් ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =