ටෝගෝ ජනාධිපති හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝඟීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙදින නිල සංචාරයක් සඳහා ටෝගෝ ජනරජයේ ජනාධිපති ෆොරේ එසෝෂිම්නා මහතා හෙට (11) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

දෙරට අතර ක්‍රියාත්මක ආර්ථික සහයෝඟීතාවය වර්ධනය කර ගැනීමේ අපේෂාව ඇතිව මෙරටට පැමිණෙන ඒ මහතා එළඹෙන 13 වැනි දා තෙක් මෙරට රැදී සිටින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

හෙට (11) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණිමට නියමිත ටෝගෝ ජනරජයේ ජනාධිපතිවරයා මෙරට කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ටෝගෝ ජනරජයේ ජනාධිපතිවරයා සමඟ එටර දේශපාලඥයන් පිරිසක් මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ටොගෝ ජනරජයේ හයවැනි ජනාධිපතිවරයා වන ෆොරේ එසෝෂිම්නා මහතා පසුගිය 2005 වසරේ දී එරට ජනාධිපති ධූරයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =