සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට පලඳවයි

(කොළඹ, ලංකාපුවත්) –සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවිම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි. මෙමඟින් ලැබෙන අරමුදල් මඟින් සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන පැවැත්වීම, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර රැසක් දියත් කිරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ උප සභාපති ආර්.ඒ.ඩී. සිරිසේන මහතා ප්‍රථම කොඩිය ජනාධිපතිතුමා හට පැලඳ වූ අතර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පියසිරි විජයනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *