එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 03වන ප‍්‍රදර්ශනයෙන් නව ව්‍යවසායකයන් 2,500කට සහන

(කොළඹ, ලංකාපුවත්) –එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා තුන් වන ප‍්‍රදර්ශනයෙන් නව ව්‍යවසායකයන් 2500ක් බිහි වූ බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි. එය පැවැත්වුණේ යාපනය මුට්ට‍්‍රවේලි පිටියේදීය.

ලක්ෂ 04කට අධික පිරිසක් ඊට සහභාගී වී ඇත.

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරිම එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා වැඩසටහනේ අරමුණටව්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 07 වනදා එය ආරම්භ විය.

ඊයේ (10) සමාප්ති උත්සවය පැවැත්වුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි. වැඩසටහන හේතුවෙන් උතුරේ ජනතාවට ආර්ථික නිදහස හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. යාපනයෙන් නව ව්‍යවාසයකයන් දස දහසක් බිහිකිරිම අරමුණ බවත් එරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

ලක්ෂ 15 දක්වා ස්වයං රැකියා හෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ණය ලබාදීමේදී පහසුකම් සැළසීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කෙරුණි. සුරැකුම් හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි. රටපුරා එය ක‍්‍රියාත්මක කිරිමයි සැළැස්ම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 10 =