සුඛෝපභෝගි සීඝ‍්‍රගාමි දුම්රියක් අද සිට පොළොන්නරුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දුම්රිය සේවයට අළුතින් එක්වූ එස්13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් අද (11) සිට දිනපතා පොළොන්නරුව බලා ධාවනය කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කො/කොටුව දුම්රිය ස්ථානයේ 3 වැනි වේදිකාවේ සිට මෙම පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ මංගල ගමනට ආරම්භක සංඥාව ලබාදෙනු ඇත. අද සවස 2.30 සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී මෙම උත්සවය පැවැත්වෙන අතර ජනාධිපතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන් අනතුරුව සවස 3.05ට කොටුව දුම්රිය ස්ථානයෙන් පුලතිසි ශීඝග්‍රාමී දුම්රිය ගමන් අරඹනු ඇත.

පොළොන්නරුවට ළඟාවීමට නියමිතව තිබෙන්නේ රාත‍්‍රි 07.45ට. හෙට පස්වරු 03.45ට එය යළි පොළොන්නරුවේ සිට කොටුව දක්වා ගමන් කිරිමටයි කටයුතු යොදා තිබේත එය රාත්‍රී 9.06ට කො/කොටුවට ළගාවෙයි.

මෙම නව ශීඝ්‍රගාමී දුම්රිය පොලොන්නරුව, කුරුණෑගල,මහව,කැකිරාව,හබරණ,හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල තවත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *