අගමැති යළි සවස 1.30ට ජනපති කොමිසම හමුවට

(කොළඹ, ලංකාපුවත්) – පැය එකහමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් අද(16)පිටව ගොස් තිබේ.

කෙසේ වුවත් අගමැතිවරයා නැවත පස්වරු 1.30 වන විට යළි ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 2015 – 2018 වසරවල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පෙරවරු 9.30 පමණ වන විට පැමිණ තිබුණි.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *