ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 12ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගොඩවාරි ගංඟාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිංගානා පල්ලි ප‍්‍රදේශයේ සිට පාපිකොන්ඩෝලු බලා යාත‍්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිටි මගීන් සංඛ්‍යාව 61 කි. කාර්ය මන්ඩලයේ 11 දෙනෙකු ද ඊට ඇතුලත් බව සදහන් වේ. එම සියලු දෙනාම ඉන්දියානු ජාතිකයින් වේ.

24 දෙනෙකු මේ වන විට නිරුපදි‍්‍රතව බේරා ගෙන තිබේ. සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරේ.

අතුරුදන් වූවන් සොයා කිමිදුම්කරුවන් සහ හෙලිකොප්ටර් යොදවා මෙහෙයුම් දියත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 19 =