කොටහේන අමාර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ හේතුවෙන් අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ.

එමෙන්ම බර වාහන හැර සෙසු වාහන වලට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමට අපහසු තත්ත්වයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *