ජනපතිවරණයට පුරවැසි නිරීක්ෂකයෝ 3,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීම සඳහා පුරවැසි නිරීක්ෂකයන් 3,000ක් හඳුන්වා දීමට නියමිතය.

පුරවැසි වාර්තාකරුවන් හඳුන්වාදීම ‘ඒෆ්‍රියල් තරුණ ජාලය’ විසින් සිදු කරනු ලබන අතර ඔවුන් පුහුණු කිරීමේ කටයුතු පැෆරල් සහ සී.එම්.ඊ.වී. ආයතනවලද සහයෝගයෙන් සිදු කර තිබේ. මෙම කටයුත්තට ලංකාවේ දිස්ත්‍රික්ක 22ක ගම්මාන 1,000ක් තෝරාගෙන මේ වන විටත් පුහුණු කිරීමේ කටයුතු අවසන් කර ඇතැයි ඒෆ්‍රියල් තරුණ ජාලයේ විධායක අධ්‍යක්ෂ රවීන්ද්‍ර ද සිල්වා මහතා ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව එක ගමකින් 3 දෙනා බැගින් පුරවැසි වාර්තාකරුවන් 3,000ක ප්‍රමාණයක් මේ වන විට පුහුණු කර අවසන් වී ඇති අතර මෙවැනි සංකල්පයක් ප්‍රායෝගිකව මෙරට ක්‍රියාත්මක වන්නේ පළමු වරටය. මෙහිදී මැතිවරණයකදී ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔවුන් දැනුවත් කර තිබේ.කොතැනක හෝ ඡන්ද නීති උල්ලංඝනය වීමක් වන්නේ නම් ඒ ගැන ක්ෂණිකවම පොලිසිය, මැතිවරණ කොමිෂන් සභාව සහ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දැනුවත් කරන ආකාරය ගැන ප්‍රායෝගිකව පුහුණු කිරීමට පියවර ගත් බව ඒෆ්‍රියල් සංවිධානය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *