ජවිපෙ ‘සීනුව‘ අලුත් ලකුණකින්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවමු සංවාදශීලී ජනහමුව මැයෙන් සූදානම් කර තිබූ ජනබලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින් ඊයේ (15) ඔහු මේ බව සඳහන් කළේය.

ස්වේච්ඡා සංවිධාන 30 ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =