මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා රජයේ පො‍හොර සමාගම් සඳහා උපදෙස් ලබා දී ඇත.

මෙම මස 26වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට පැමිණෙන බවත් . ඉන් පසු මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍ර මානය සම්පූර්ණවන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමානයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන අතර මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමානයක වගා කරනු ඇතැ අපේක්ෂිත බවද ඇමැතිවරයා පවසයි.

මහ කන්නයේ දී වී වගාව සඳහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට් මෙ.ටො.36,530ක් සහ MOP මෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගම සඳහා 40%ක් ද, ලක් පොහොර සමාගම සඳහා60%ක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනබවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර මෙවර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්, පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන් අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව ත් ඇමැති පී.හැරිසන් මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *