ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව තහවුරු කර ඇත.

ජනපති ට්‍රම්ප් සඳහන් කරනුයේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමා ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී ඔහු එලෙසින් මියගිය අතර එම මෙහෙයුමට අමෙරිකානු හමුදා සම්බන්ධ වූ බවයි.

ඔත්තු සේවා උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය හම්සා බින් ලාඩන්ගේ මරණය වාර්තා කර තිබූනද ජනපති ට්‍රම්ප් සහ පරිපාලනයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඒ බව මෙතෙක් තහවුරු කර තිබුණේ නැහැ.

හම්සා බින් ලාඩන්ගේ මරණය ධවල මන්දිරය පසුගිය 14වනදා නිකුත් කළ නිවේදනයක් මගින් ජනපති ට්‍රම්ප් තහවුරු කර ඇති අතර, එය එම සංවිධානයට එරෙහි මෙහෙයුම්වල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා ඇත.

ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධයේ කුමාරයා ලෙසද ඇතැමුන් හම්සා බින් ලාඩන් ඇතමුන් හඳුන්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *