සොරා ගත් රන් වැසිකිළි පද්ධතිය

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය හිටපු අගමැති ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් උපන් නිවස වන බ්ලේනම් මන්දිරයේ ප්‍රදර්ශනය සඳහා සවිකර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ත් 6ත් අතර වටිනාකමකින් යුත් කැරට් 18 රන් වැසිකිළි පද්ධතියක් සොරාගෙන ගොස් තිබේ.

බ්ලේනම් මාන්දිරයේ ප්‍රධාන විධායකයා පැවසුවේ මේ තත්ත්වය මත මන්දිරයේ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවය.නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරය තුළ එම රන් වැසිකිළිය ඊට පෙර මහජනයා සඳහා ප්‍රදර්ශනය කෙරිණි.

ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් විසින් කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවන ලද ඉතා හොඳින් ක්‍රියාත්මක කළහැකි වැසිකිළි පෝච්චිය ඔහු විසින් නම් කරනු ලැබ තිබුණේ ‘ඇමෙරිකා’ නමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *