දෙමටගොඩ නිවාස සංකීර්ණයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – දෙමටගොඩ, ආරාමය පෙදෙස පිහිටි මහල් නිවාස සංකීර්ණයක 05වන මහලේ හදිසි ගින්නක් හටගෙන ඇත.

අද(17) පස්වරු 03.00ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.

දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට මේවන විට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =