පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ අද (17) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබූහ.

ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මන්ත්‍රී ධුරවල දිවුරුම් දීම සිදු විය.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඩී.බී. හේරත් මහතා පත්වූ අතර චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මනෝජ් සිරිසේන මහතා පත් කර ඇත.

මීට පෙර සිය මන්ත්‍රිධූරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර යළිත් වරක් මන්ත්‍රිවරයෙකු වශයෙන් අද යලි දිවුරුම් දීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =