පොදු ප‍්‍රවාහන සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –පොදු ප‍්‍රවාහනය පිළිබඳව දීප ව්‍යාප්ත සමික්ෂණයක් පැවැත්වීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කරයි.

මාර්ග අනතුරු, මඟින්ට සිදුවන අපහසුතා හා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ගැටළු පිළිබඳ සොයා බැලීම එහි අරමුණවේ. ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහාය ද ඊට හිමිව තිබේ.

කාර්යක්ෂම හා ගුණාත්මක ප‍්‍රවාහන සේවාවක් මගින්ට ලබාදීම අරමුණ බව ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =