අපේක්‍ෂකත්වය හිමිවනු ඇතැයි පූර්ණ විශ්වාසයක් තිබෙනවා – ඇමති සජිත්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට හිමිවනු ඇති බවට තමන්ට පූර්ණ විශ්වාසයක් තිබෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම සූදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.

අද (17) උදෑසන අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වෙනත් අපේක්ෂකයෙකු යෝජනා කෙරෙන්නේ නම් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කිරීමට හැකියාව ඇති බවයි.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ මතය විමසීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *