ජනපතිවරණය නොවැම්බර් 30ට පෙර මැ.කො.ස. කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ දිනය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි සති දෙක තුළගැසට් කිරීමට නියමිත බවත්, ඒ අනුව නොවැම්බර් 30ට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට වඩා වැඩි ඉඩක් පවතින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

නාමයෝජනා භාරගන්නා දිනය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි දින 14 ඇතුළත එකම ගැසෙට්ටුවක් මාර්ගයෙන් පළ කළ යුතු අතර එම ගැසට්ටුව නිකුත් කර දින 16ත් 21ත් අතර කාලයක් ඇතුළත නාම යෝජනා භාර ගැනීම සිදු කළ යුතු බව ජනාධිපතිවරණ පනතේ සඳහන් වේ. එමෙන්ම ජනාධිපතිවරණය රජයේ නිවාඩු දිනයක පැවැත්විය නොහැකි බවටද එම පනතෙහි සඳහන් කර තිබේ.

ගැසට්ටුව නිකුත් කරන දිනයේ සිට දින 63ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී සනාත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *