පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ජනාධිපතිවරණයේදී පොලිතින් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් සිදු කරන ලෙස සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙම ඉල්ලීම සිදු කළේය.

එහිදී හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඕනෑම අවස්ථාවක මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවත්, එය වැලැක්වීමට විධායකයට හො විධායකටය හැකියාවක් නොමැති බවත් ය.

එබැවින් ඉදිරි සති දෙක තුල මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *