වැස්ස තත්ත්වය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින ආශ්‍රිතව වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම මෙන්ම වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවද සදහන් වේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *