ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ වෛද්‍ය කදවුරක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදිශෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම විසින් වාර්ෂිකව සංවිධානය කරන වෛද්‍ය කදවුර මේ මස 22 වන ඉරුදින පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පරිශ්‍රයේදි පැවැත්වෙනු ඇත.

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසය තුල දී ගුණ සැමරුම් වැඩසටහන් රැසක් විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අතර මෙම වෛද්‍ය කදවුරට සුවිශේෂි ස්ථානයක් හිමි වේ.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා විශේඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ.

බටහිර, ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය ක්ෂේත්‍ර නොමිලේ වෛද්‍ය පරීක‍්ෂණ හා ඖෂධ ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම වෛද්‍ය සායනය සඳහා පන්නිපිටිය, මහරගම, කොට්ටාව, හෝමාගම හා තලවතුගොඩ ප්‍රදේශවල වාසය කරන 2000 කට අධික ජනතාවක් වාර්ෂිකව පැමිණ සිය රෝගවලට ප්‍රතිකාර ලබාගනියි.

විශේෂඥ වෛද්‍ය සායන යටතේ කායික රෝග, ළමා රෝග, ශල්‍ය රෝග, උගුර-කණ-නාසය පිළිබද සායන, මාතෘ සායන, ස්නායු රෝග, ප්‍රසව හා නාරිවේද සහ වේදනා නාශක යන සායන පැවැත් වේ. රෝග හ`දුනාගැනීමේ සායන අතරට ගැබ්ගෙල-පැප් පරික‍ෂාව හා පියයුරු පිළිකා හදුනාගැනීම සිදු කෙරේ. සීනි, කොලෙස්ටරෝල් හා ECG පරික‍්ෂණ රසායණාගාර පරික‍්ෂණ යටතේ පැවැත් වේ.

මීට අමතරව ආයුර්වේද වෛද්‍ය සායන, කටු චිකිත්සක වෛද්‍ය සායන, හෝමියෝපති වෛද්‍ය සායන හා දන්ත වෛද්‍ය සායන මෙන්ම සෞඛ්‍ය උපදේශනය යටතේ මනෝ චිකිත්සක, සෞඛ්‍ය අධ්‍යාපන සහ පවුල් සැලසුම් සේවා ද පැවැත් වේ.

වෛද කදවුර අවසානයේ ඉතිරි වන ඖෂධ සියල්ලම පසුගිය වසර කිහිපය පුරාම පන්නිපිටිය රජයේ මධ්‍යම ඛෙහෙත් ශාලාවට සහ වෑතර දිසා මූලික රෝහලය පරිත්‍යාග කිරීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *