කිංග්ස්බරි බෝම්බකරුගේ ශරීර කොටස් බොරැල්ල සුසාන භුමියේ වල දැමිමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් ජිවිතක්ෂයට පත්වූ තව්හිත් ජමාත් සංවිධානයේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ ශරීර කොටස් බොරැල්ල කන්තතේදී වළදමන්න යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබීය. ඒ එම ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අවසන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවය.

ස්වයං ඝාතන ත්‍රස්තවාදියාගේ ශරීර කොටස් භාර ගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බවට සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

ස්වයං ඝාතක ත්‍රස්තවාදියාගේ ශරීර කොටස් භූමදාන කර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශ බාර ග්‍රාම නිලධාරීවරයාගෙන් වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =