ටී 56 අවියක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ටී. 56 ගිනිඅවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන ඇත.

එම භාණ්ඩ අක්කරපත්තුව පාලමුනේ ප්‍රදේශයේ ඔළුවිල් වරායට යන මාර්ගය අසළ ඉඩමක වලදමා තිබියදී මෙසේ සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙලෙස සොයාගත් භාණ්ඩ වන්නේ, ටී. 56 අවි 01ක්, එම සජීවි පතරොම් 30ක්, එම මැගසින් 01ක්, ඩෙටනේටර් 07ක්, ජෙලට්නයිට් කූරු 04ක්, වයර්, ඇමෝනියා, යූරියා ඇතුළු තවත් භාණ්ඩ කිහිපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =