ත්‍රස්තවාදය මැඬපැවැත්වීමට නීති කෙටුම්පත් කීරීමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – නව මහුණුවරකින් ඉස්මතු වන ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා පවතින නීති සඳහා සංශෝධනය කිරීමේ කෙටුම්පත් සකස් කිරීමට හෝ සුදුසු නව නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා මේ සඳහා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහා තාවකාලික සීමා කිරීම් නියෝග, විවිධ අයුරින් ත්‍රස්තවාදය දිරිගැන්වීම තහනම් කිරීම සහ නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම සහ ජෛවමිතික දත්ත පාලනය කිරීම ආදී ක්ෂේත්‍රයන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පරිදි පවත්නා නීති සඳහා සංශෝධන කෙටුම්පත් කිරීමට හෝ සුදුසු නව නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට එමඟින් යෝජනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *