පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට බුරියානි – පැණිරස තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානු ජාතික කණ්ඩායමට පත් කර සිටින නව පුහුණුකරුවන මිස්බා-උල්-හක් විසින් පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට බුරියානි සහ පැණිරස කෑම ආහාරයට ගැනීම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් නව නියෝගයක් නිකුත් කර ඇත.

කණ්ඩායමේ නව ශාරීරික යෝග්‍යතා සංස්කෘතියක් ඇති කිරීම සඳහා මිස්බා ජාතික කඳවුරේ සහ දේශීය තරගාවලියේ ක්‍රීඩකයින්ගේ ආහාර වේලෙහි වෙනසක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

2019 වසරේ අවසන් වූ ලෝක කුසලාන (ICC World Cup 2019) තරඟාවලියේදී පකිස්තානු කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය ඉතාමත් පහල මට්ටමක පැවති බවට තහවුරු වී තිබෙන බවත්, එයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ පකිස්තානු ක්‍රීඩකයින් දැඩි ලෙස තෙල් මෙන්ම එළඟි තෙල් අධික ලෙස භාවිතා කරමින් පිසින ලද බුරියානි ආහාරයට ගැනීමය.

එමෙන්ම, තෙල් අධික මස් (Red Meat) ආහාරයට ගැනීමද තහනම් කර තිබෙන බවත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය ගුණයෙන් යුත් ආහාර වේල් ලබාදීමට ආහාර සපයන්නගෙන් සහයෝගය ලබාගනු ඇති බවටද පකිස්තානු ජාතික කණ්ඩායමේ නව පුහුණුකරු මිස්බා-උල්-හක් විසින් පවසා ඇත.

දක්ෂ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව සිටින මිස්බා-උල්-හක් ගේ වයස 45කි. එසේම ඉදිරි වසර තුන සඳහා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වකාර් යුනිස් පත් කිරීමට ද පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය පියවර ගැනුනි.

මිස්බා-වකාර් සංයෝජනයේ පළමු පැවරුම ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන එක්දින හා විස්සයි 20 තරගමාලා තුන වන අතර එය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 09වනදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *