බුදු මැදුරක් පිටුපස ගිනිඅවියක් සොයා ගනී

(කොළඹ, ලංකාපුවත්) – බුදු මැදුරක් පිටුපස තිබී විදේශ රටක නිෂ්පාදිත 9MM වර්ගයේ පිස්තෝලයක් සහ හිස් පතරොම් ගැබක් සොයාගෙන තිබේ.

ඊයේ (17) දහවල් නවගමුව පොලිස් වසමේ දැඩිගමුව ප්‍රදේශයේ දී රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත දැඩිගමුව ජයමාවත, සමගි මාවතේ බුදු මැදුරක් පිටුපස තිබී මෙය සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙම අවිය ඉකුත් 15 වැනිදා හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා මනූෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් දෙදෙනෙකුට තුවාල කිරීමේ අපරාධය සඳහා යොදා ගත් ගිනි අවිය බවට සැක කරනු ලබන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම අවිය නවගමුව පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

නවගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 10 =