සයිබර් අපරාධවලට සම්බන්ධ චීන්නු 300ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ චීන ජාතිකයින් 300කට අධික පිරිසක් පිලිපීන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එරට ආගමන විගමන බලධාරින් සතියක කාලයක් පුරා සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

චීන ජාතිකයින් 324 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එරට සංචාරක හෝටල්වල රැදී සිටිමින් මෙම නීති විරෝධි ක්‍රියාවන් සිදු කර ඇතිබව පිලිපීන බලධාරින් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =