ජාතික මුද්දර ප්‍රදර්ශනය ලබන මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – 145වන ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය සංවිධාන කරනු ලබන ජාතික මුද්දර ප්‍රදර්ශනය – 2019 ඔක්තෝබර් මස 05වනදා සිට 09වනදා දක්වා පැවැත්වෙනු ඇත.

ඒ කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී ය. ප්‍රදර්ශනය අදාළ දිනයන් හිදී පෙ.ව. 09.00 සිට ප.ව. 07.00 දක්වා පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව මුද්දර ප්‍රදර්ශක තරගයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ හාන්ත කුමාර මීගම මහතා පැවසීය. ඒ සදහා මුද්දර ප්‍රදර්ශන ඉදිරිපත් කිරීමට මුද්දර එකතුකරන්නන් සහ පාසල් ළමුන්ට අවස්ථව හිමිවේ. ප්‍රදර්ශක භාර ගන්නා අවසන් දිනය ලබන 30වනදා වන අතර තරග විස්තර www.stamps.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 – 2326163 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

ප්‍රදර්ශනයට සමගාමීව පැරණි මුද්දර, මුල්දින කවර මිලදී ගැනීම සදහා මෙන්ම ඔබේ රුවටත් මුද්දරයක් සේවාව, තැපැල් කෞතුකාගාරය නැරඹීමට ද අවස්ථාව සලසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *