මාධ්‍ය මඟින් ළමා අපචාර පෙන්වන්න එපා

(කොළඹ, ලංකාපුවත්) –දරුවන්ට එරෙහිව සිදුවන අපයෝජන, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුතුවලට දරුවන් භාජන වන අවස්ථා දෘශ්‍ය මාධ්‍ය මඟින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දිනවලදී හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ස්වාමීන් වහන්සේලා දෙනමක් වෙත පුද්ගලයෙකු විසින් පහර දීම ප්‍රදර්ශනය කිරීම උදාහරණයක් ලෙස දක්වමින් එම නිවේදනය නිකුත් කර තිබේ.

එම සිද්ධිය දෘශ්‍ය මාධ්‍ය මඟින් යළි යළිත් ප්‍රදර්ශනය කරන සෑම විටකම අදාළ ස්වාමීන් වහන්සේලා දෙදෙනා යළි යළිත් වින්දිතභාවයට පත්වීම වැළක්විය නොහැකි බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම එවැනි අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන්ද මාධ්‍ය සදාචාරය දැක්විය යුතු ප්‍රතිචාරය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් සුබවාදී විය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *