පෑලියගොඩ නිවසක මනුෂ්‍ය ඝාතනයක්

(කොළඹ, ලංකාපුවත්) –පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවතේ නිවසකදී පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වු පෑලියගොඩ පදිංචි පිටිදුවගමගේ ශාන්ත කුමාර නැමැති අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඊයේ(18) දහවල් 01.30ට පමණ සිදුව ඇති මෙම සිද්ධිය පවුල් ආරවුලක් මත සිදු වී ඇති ඝාතනයක් බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *