ඇල්පිටිය ඡන්ද විමසීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම 24 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.

මෙම පෙත්සම ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනෙකු ගොනුකර තිබුනි. මෙම ඡන්ද විමසීම සදහා දින නියමකර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවට ඔවුන් චෝදනා කරයි.

2017 වසරේ කැදවූ නාමයෝජනා ලැයිස්තුව පදනම් කරගෙන මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරුවන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =