ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 200ට වැඩි තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24 තුලදී බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි අතර වයඹ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේත

දිවයිනට දැනට පවතින වැසි තත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිත

එසේම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ද ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දෙයි.

දිවයිනට බස්නාහිර,දකුණ හා ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇතිවිය හැකිය. සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ ඉහළ යා හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + sixteen =